අවුරුදු හරි ගනන



අවුරුදු හරි ගනන්..,
[ස්ථානය - කවුරුත් දන්න ප්‍රසිද්ධ නගර මධ්‍යක, කඩ වීදීයක්]
නෙක විසිතුරු අරුමෝසම් කාසිවලට විකිණීමට වීදියේ දෙපසම එල්ලා තිබුනි, ඒ මේ අත කාලය සමග පොරබදමින්, අවිස්සුනු කුහුඹුන් සේ කඩ සල්පිල් අතර දුවන ගැහැනුන් පිරිමින්ගෙන් මදකට වෙන්වී ගිමන් හැරීමට ගත් වෑයමේදී නෙත ගැටුනු ඒ දසුන සිත මදක් සිතීමෙ චින්තන මනයේ ගිලිවීමට සමත් විය.
දෙනො දහක් ගැහැනුන් පිරිමින්ගෙන් පිරුනු වීදියේ තවත් එක් පවුලක් වූ නමුදු වෙනසක් දුටිමි. කුඩා දරුවන් දෙදෙනකු මවගේ එල්ලී අතේ සහ එක් කුඩා අයකු පියගේ උරෙහි සිටින ඒ පවුල බැලූ බැල්මටම කාසි අතින් එතරම් නැතැයි පෙනේ. අසල තිබූ රෙදි පිලි සාප්පුව වෙත ඇදුනු ඔවුහු රෙදි එකෙන් එක බලමින් අවසනයෙ ඒ තරුණ මහත එක කමීසයක් තොර ගත්තද, තම බිරියගේ මුහුන බැලීමෙන් පසු එය නැවතත් දමන ලදි. හිස මදක් සෙලවූ ඔහු, තම බාල පුතු වීමට පෙනීමෙන් ඉඩ ඇති දරුවාට කුමක් හෝ රෙදිකැබැල්ලක් ගෙන කඩයෙන් පිටට පැමින මට පසෙකින් නැවතිනහ. "නෑ මට ඕනෙ නැහැ,ලමයින්ට ගතනෙ", පසුව සිනාසී "මෙ පාර හැමදේම ගනන් නේද ඒයි,කමක් නෑ මුන් ටිකට හරි කෑල්ලක් දෙකක් ගත්තනේ..." යැයි බිරියට පවසා නැවතත් වීදියට බට ඔවුන් සෙනග අතරින් නොපෙනී ගියොය.
සිතුවිලි දහසක් සමග නැවතත් ගමන් ඇරඹි මා පියවි ලොකයට පැමිණියේ රෙදි කන්දක අතරමන්ව තෝරාගැනීමට නොහැකිව හිත පිස්සු වැටුනු ගැහැනියකගෙ රලු කටහඩක ස්පර්ෂයෙනි. එතන කතාව හාත්පස වෙනස්ය. අවසනයේ, අවුරුදු හැමෝටම හරි ගනන් නැතැයි තේරුම් ගත් මා වීදියෙන් එලියට පැමිණියෙමි....

Comments

Post a Comment

Popular posts from this blog

යශෝධරාගේ ආදරය...

ඇරඹුම

ඉරිසියාව