Posts

Showing posts from February, 2018

ආදරේට ආදරෙන්

Image
ආදරේට ආදරෙන්... *සැ.‍යු. - සමාජයේ පොරක් වීමට හෝ පුද්ගලික දෙයක් මත නොලියමි, බ්ලොග් අඩවිය සදහා හිත් ගත් දෙයක් ලියමි. කාළ රාමුව - 19.00 - 19.30 ත් අතර මුහුදුබඩ දුමිරිය මාරිගය. දිනක වෙහෙස කර වකවානුව අවසන් කර නිවස බලා ඇදෙන් උන් අතරේ මාද සාමාන්‍ය මිනිසකු ලෙස දුමිරියට ගොඩ වුනෙමි. සෙනග අතරින් වට පිට බලමින් උන් මට වෙනදා දකින දේම වුවද වෙනස් වී පෙනුනි. ඒ මන්දයත් එක් අන්තයක පෙම් කරන තරුණ යුවලක්ද, මෑත තැනක අලුතින් අද හෙටම අදරයෙන් බැදෙතැයි සැක හැර කීමට හැකි දෙදෙනක්ද, දුරක සිට එබිකම් පාමින් කවදා හෝ එක් වෙතැයි සිතා සිටිනවුවෙක්ද වූහ. ආදරයනම් වූ කල් හී "ඔබේ සිනා ලග සිත නැවතුන දාටද", පමණක්ම නොව ඊට කලින් ඇහි පිහටුවක් සැළෙන සැනෙන්ද සිතක් සිතක් හා බැදෙනු ඇත.එකී හෝ කොහොමෙන් හෝ බැදෙන සිත් සදා කළිකව බැදෙනවනම් කෙතරම් සතුටක් සිත් තුල හටගම්ද... දෙදනකුගේ සිනහව, තවද එය ප්‍රේමය නිසානම් තවත් කෙතරන් නම් සොදුරද...විරහව වෙනම දෙයක් වුවද, ප්‍රිය සම්ප්‍රයෝගය, ආළයේන් බැදීම කෙතරම් නම් සොදුරුද... ආදරයෙන්ම පිරුනුලොවක් සිහිනයක්ම පමණක්ම වුවද ලොකු පොඩි සම සමව අදරයෙන් පිරුණු ලොව කෙතරන්නම් සොදුරුද.... යුවලක් දුට