Posts

ඉරිසියාව

Image
ඉරිසියාව ...      ටිකක් කල් ගියා තේරුම් ගන්න, ඒ ඉරිසියාව කියන්නෙත් ආදරයමයි කියල...      ඒ ඉරිසියාව අත් කරගැනීමට එහා ගිය අපිම දුකක් විඳීවියැයි බයෙන්, බෙදාගන්න බැරි ලෝබ කමින් ඇතිවෙච්ච එකක් කියල... පව් කරල ඇති ගිය අත්මේ අතිවෙන්න ඒකයි මේ... ඒත් සතුටුයි කරපු පිනකට ඔයාම ලැබුන එකට... 

යශෝධරාගේ ආදරය...

Image
බිම්බා දේවිය හෙවත් යශෝධරා... එදා දීපන්කර බුදුන් පාමුල මතු බුදුවන්නට පෙරුම් පිරූ දා සිට, ඇසතු බෝ රුක මුල බුදුවන දා තෙක් ඒ වූ අසන්කේය කල්පයත් අත්මයන්හී භාර්‍ය වස්තුව වෙමින් ගැහැනියකගේ සිතෙහි ඇතිවන්නා වූ අචල ප්‍රේමය... නොනවතින දරා ගැනීම හැඩ වූ වස්තුව ඇයයි... තම ස්වාමියාගේ පෙරුම් පිරුම් වනාහී සවියක්ම පමනක්ම වෙමින් දුක සිත් තුලම යට කරනු ලැබුවේ ආලම පමණක් නිසා නොවේන්ම් අද අප තවමත් අන්දකාරයෙන් අන්දකරයටම යමින් සිටිනු ඇත. ගැහැනියකගේ ආදරය කැපකිරීමක් කොට ලොවේ සියල්ලන්ගේම නිවන පැතූ ඈ නමින් බිම්බා දේවී හෙවත් යශෝධරා අග බිසවයි...

ආදරේට ආදරෙන්

Image
ආදරේට ආදරෙන්... *සැ.‍යු. - සමාජයේ පොරක් වීමට හෝ පුද්ගලික දෙයක් මත නොලියමි, බ්ලොග් අඩවිය සදහා හිත් ගත් දෙයක් ලියමි. කාළ රාමුව - 19.00 - 19.30 ත් අතර මුහුදුබඩ දුමිරිය මාරිගය. දිනක වෙහෙස කර වකවානුව අවසන් කර නිවස බලා ඇදෙන් උන් අතරේ මාද සාමාන්‍ය මිනිසකු ලෙස දුමිරියට ගොඩ වුනෙමි. සෙනග අතරින් වට පිට බලමින් උන් මට වෙනදා දකින දේම වුවද වෙනස් වී පෙනුනි. ඒ මන්දයත් එක් අන්තයක පෙම් කරන තරුණ යුවලක්ද, මෑත තැනක අලුතින් අද හෙටම අදරයෙන් බැදෙතැයි සැක හැර කීමට හැකි දෙදෙනක්ද, දුරක සිට එබිකම් පාමින් කවදා හෝ එක් වෙතැයි සිතා සිටිනවුවෙක්ද වූහ. ආදරයනම් වූ කල් හී "ඔබේ සිනා ලග සිත නැවතුන දාටද", පමණක්ම නොව ඊට කලින් ඇහි පිහටුවක් සැළෙන සැනෙන්ද සිතක් සිතක් හා බැදෙනු ඇත.එකී හෝ කොහොමෙන් හෝ බැදෙන සිත් සදා කළිකව බැදෙනවනම් කෙතරම් සතුටක් සිත් තුල හටගම්ද... දෙදනකුගේ සිනහව, තවද එය ප්‍රේමය නිසානම් තවත් කෙතරන් නම් සොදුරද...විරහව වෙනම දෙයක් වුවද, ප්‍රිය සම්ප්‍රයෝගය, ආළයේන් බැදීම කෙතරම් නම් සොදුරුද... ආදරයෙන්ම පිරුනුලොවක් සිහිනයක්ම පමණක්ම වුවද ලොකු පොඩි සම සමව අදරයෙන් පිරුණු ලොව කෙතරන්නම් සොදුරුද.... යුවලක් දුට

රටේ අනාගතේ

රටේ අනාගතේ...          *සැළකිය යුතු - මෙම වදන් පෙල මගින් කිසිවෙකුගේ ජීවිකාවට පහරක් ගැසීමට හෝ වෙනත් පහත් අරමුනකින් නොලියමි. කාල රාමුව - උදෑසන 9.30 - 10.30 ස්ථානය - කොළඔ මාතර බසයක් තුල පදක සිදුවීම - කාඩ් වර්ග සහ ලන්කා කොඩි විකීණීමට පැමිණි කොලුවෙකු... සිදුවීම් පෙළ - එක් වරම බසය දෙසට දුවගෙන ආ වයස 18- 21 අතරයැයි නිරයසෙයෙන් පැවසිය හැකි කොල්ලෙකු බසයට ගොඩවුනි. ඒ කාර්ඩ් මිටියක් සහ පත්‍රික සමූහයක් සමගය. පසුව ඔහු කාර්ඩ් 4ක් බැගින් හා එක් පත්‍රිකාවක් බැගින් බෙදන්නටවිය... මුලු බසය පුරාම බෙදූ ඔහු නැවතත් පසුපසට පැමින මදක් හිද පසුව පෙර බෙදූ දේ එකතුකරමින් ඉදිරියට ඇදෙන්නට විය. ඒ අතර සිටි දෙදෙනකු පමන මුදල් දෙනු දුටුවෙමි... නැවත පසුපසට ගියහොත්, මා හටද දුන් පත්‍රිකව කියවන්නට වුනිමි... "අනේ අම්මේ තාත්තේ මම හරි දුප්පත්, මට නන්ගිකෙනෙකි ඉන්නව එයට උගන්වනන මට සල්ලිනැ ඒ නිසා මේ කොඩියක් මිලටගෙන උදව් කරන්න..." අද සමජය ඉතම කාර්‍යබහුල පරිසරයක් ඇතත් පහසුවෙන් දේවල් සොයන මිනුසුන් අප ආතර තවමත් ඇත. බසයට ගොඩවුඅයුරින් දෙපාවල වරුනතක් නොපෙනුනි, බසය ගැසු තිරින්ගවලට නොසැලීසිටි ඔහුගේ දේඅත් පන නැතැයිද

අවුරුදු හරි ගනන

Image
අවුරුදු හරි ගනන්.., [ස්ථානය - කවුරුත් දන්න ප්‍රසිද්ධ නගර මධ්‍යක, කඩ වීදීයක්] නෙක විසිතුරු අරුමෝසම් කාසිවලට විකිණීමට වීදියේ දෙපසම එල්ලා තිබුනි, ඒ මේ අත කාලය සමග පොරබදමින්, අවිස්සුනු කුහුඹුන් සේ කඩ සල්පිල් අතර දුවන ගැහැනුන් පිරිමින්ගෙන් මදකට වෙන්වී ගිමන් හැරීමට ගත් වෑයමේදී නෙත ගැටුනු ඒ දසුන සිත මදක් සිතීමෙ චින්තන මනයේ ගිලිවීමට සමත් විය. දෙනො දහක් ගැහැනුන් පිරිමින්ගෙන් පිරුනු වීදියේ තවත් එක් පවුලක් වූ නමුදු වෙනසක් දුටිමි. කුඩා දරුවන් දෙදෙනකු මවගේ එල්ලී අතේ සහ එක් කුඩා අයකු පියගේ උරෙහි සිටින ඒ පවුල බැලූ බැල්මටම කාසි අතින් එතරම් නැතැයි පෙනේ. අසල තිබූ රෙදි පිලි සාප්පුව වෙත ඇදුනු ඔවුහු රෙදි එකෙන් එක බලමින් අවසනයෙ ඒ තරුණ මහත එක කමීසයක් තොර ගත්තද, තම බිරියගේ මුහුන බැලීමෙන් පසු එය නැවතත් දමන ලදි. හිස මදක් සෙලවූ ඔහු, තම බාල පුතු වීමට පෙනීමෙන් ඉඩ ඇති දරුවාට කුමක් හෝ රෙදිකැබැල්ලක් ගෙන කඩයෙන් පිටට පැමින මට පසෙකින් නැවතිනහ. "නෑ මට ඕනෙ නැහැ,ලමයින්ට ගතනෙ", පසුව සිනාසී "මෙ පාර හැමදේම ගනන් නේද ඒයි,කමක් නෑ මුන් ටිකට හරි කෑල්ලක් දෙකක් ගත්තනේ..." යැයි බිරියට පවසා නැවතත් වීදියට බ

ආරාධනා...

Image
ආ රාධනා... සෙනේහසේ සත් පියුමන් යලිදු පිපේවා, ඔබේ නුවන් පහනින් යළ එළිය ලැබේවා, ඔබේ උණුහුමේ... යළිදු උපන්නෙමු, සතුට රැගෙන යලි වඩින්න... ආරාධනා... ආරාධනා...

හිත

Image
  හි තේ ඈතම කෙලවරක නැගිච්ච පුලුන්තිල්ලක් තරම් හැඟීමක් කොතරම් ලස්සනද යනවග දන්නෙ එවැන්නක් හිතේ හටගත්ත දවසටයි...     ඒ ලස්සන,හෘදයන්ගම,අපි හමදාමත් ආස කරන ඒ හැඟීම එළියට පිපෙන්න ඉදනොහරින්න මන්දයත්, ඒ හැඟීම එක සිහිල් සුළන් රැල්ලක් තරම්වත් නොදැනෙන කෙනෙක්ට පැවසුවොත් ඔහු/ඈ හට එය හුදෙක් වාග් රොදක්ම පමණක්ම වී, තිබූ හිතවත් කම් පවා කැදී බිඳී යාමට හැක... එනිසා සුදුසුම දෙයනම් ඒ හටගත් හැඟීමට පමණක්ම පෙම් බඳිමින් නිෂ්ශබ්දව සිටීමයි...    මන්දයත්, අපේ හැඟීම් බොහෝ වෙලාවට අනෙකුට විහිලුවක් මිස කෙදිනකවත් සියුම් හැඟීමක් නොවන බැවිනි.. Anjuka Koralage | 2017* අනන්ත සිතුවිළි